ජුනි මස 05වනදාට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් පරිසර සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව හෙට (30) සිට ජුනි 5වනදා දක්වා පරිසර සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙවර ජගත් පරිසර දින තේමාව වන්නේ ප්ලාස්ටික් මඟින් සිදුවන පරිසර දූෂණය වළකමු යන්නයි.
හෙට දිනය ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ දිනය ලෙසද නම් කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළා.
(colombotimes.lk)