එළඹෙන 02වනදා සිට 08වනදා දක්වා ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් නිශාන්ත ජයවීර සඳහන් කළේ මෙමඟින් රජයේ බදු ආදායම ඉහළ දැමීමට සැලසුම් කර ඇති බවයි.
රේගුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව මඟින් එම සතිය තුළ ජනතාව දැනුවත් කිරීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි විවිධ වැඩසටහන් ද සංවිධානය කර තිබෙනවා.
ජාතික බදු සතිය ලබන සඳුදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
(colombotimes.lk)