කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ඉවත් කර ගන්නා ලෙසට බලකරමින් පැවති උද්ඝෝෂණයකදී නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට පත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් ඇතුළු 34 දෙනෙක් නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අද (06) නියම කර තිබෙනවා.
ඒ ඊට අදාළ නඩුව අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක ඉදීරියේ කැදවූ අවස්ථාවේදීයි.
මෙම විරෝධතාවය 2021 ජුනි මස 08 වනදා පොල්දූව මංසන්ධියේ පැවති අතර පොලීසිය විසින් එහිදී එම සැකකරුවන් 34දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)