08 January 2025


තවත් සිසුන් පිරිසකට 6000 දීමනාව ලබාදෙයි



සිසුන් 300ට අඩු සියලු පාසල්වල අස්වැසුම ප්‍රතිලාභය නොලැබෙන සිසුන්ට පාසල් උපකරණ ලබාගැනීම සඳහා පිරිනමන රුපියල් 6000 දීමනාව ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

මෙම දීමනාව ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන්ට සහ පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන් සඳහාද ලබාදීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම අදාළ දීමනාව වවුචර් පතක් ලෙස ලබාදීමටද නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)