08 January 2025


2024 යල කන්නයේ වන්දි ගෙවීම්වලින් 90%ක් අවසන්



2024 යල කන්නයේ වන්දි ගෙවීම්වලින් 90%ක් මේ වන විට නිදහස් කර අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

එහි සභාපති පේමසිරි ජාසිං ආරච්චි සඳහන් කළේ ඒ අනුව නිර්දේශිත වූ ගොවීන්ට හිමි වන්දි මුදල් ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ යටතේ මේ වන විට ගොවීන් 6,459 දෙනෙක් සඳහා අක්කර 5,246ක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් නිදහස් කර තිබෙනවා.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිං ආරච්චි සඳහන් කළේ ගෙවා අවසන් නොකළ දිස්ත්‍රික්වල වන්දි මුදල කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරමින් පවතින බවයි

(colombotimes.lk)