හෝටලයක් තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටගෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත එම ස්ථානයේ වැටලීමක් සිදුකර තිබෙනවා.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ පමුණුගම උස්වැටකෙයියාව පරණ අම්බලම ප්‍රදේශයේදී හෝටලයක සාදයක් පැවැත්වූ පුද්ගලයන් 57ක් අත්අඩංගුවට ගත් බවයි.
නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටග්‍රෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් වයස අවුරුදු 18ත් 35ත් අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පමුණුගම පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)