21 December 2024


ආනයනික සහල් මෙට්‍රික් ටොන් 67,000ක් දිවයිනට



ආනයනික සහල් මෙට්‍රික් ටොන් 67,000ක් මේ වන විට දිවයිනට ලැබී තිබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් මෙට්‍රික් ටොන් 28,500ක් කැකුළු සහල් වන අතර මෙට්‍රික් ටොන් 38,500ක් නාඩු සහල් බවයි.

මෙම සහල් වලින් රේගුව රුපියල් බිලියන 4.3ක් ආනයන බදු ලෙස අයකර ගෙන තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සඳහන් කළා.

(colombotimes.lk)