31 March 2025


ඉදිරි මැතිවරණය ගැන ජනපතිගෙන් ඉඟියක්



පළාත් පාලන මැතිවරණය එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ අද (20) පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා වූ නාමයෝජනා නැවත කැඳවීමට අදාළ පනත මේ වන විට සකස් කර ඇති බවයි.

(colombotimes.lk)