01 July 2025

logo

මාලිමාවට තවත් ජයක්



අකුරැස්ස සමූපකාර ඡන්දය නිතරගයෙන් ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගයට හැකි වී තිබෙනවා.

එම සමිතිය සඳහා මහ සභා නියෝජිතයන් පත් කර ගැනීමට අද (21) නාම යෝජනා කැඳවනු ලැබුවා.

ප්‍රාදේශික 58ක් සඳහා නියෝජිතයන් 100ක් පත්වීමට නියමිතව තිබූ අතර මෙහිදී කිසිදු ප්‍රාදේශිකයක් සඳහා වෙනත් කිසිදු කණ්ඩායමක් නාමයෝජනා ලබා නොදුන් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභා නියෝජිතයන් 100දෙනාම ජාතික ජන බලවේගයෙන් පත් වී තිබෙනවා.

(colombotimes.lk)