සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් කඩුවෙල ආසනයේ සංවිධායකවරු 15දෙනෙක් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඇය කියා සිටියේ පක්ෂ ව්‍යවස්ථාව අනුව තමන්ට පැවරී ඇති බලතල මත මෙම තීරණය ගත් බවයි.
එමෙන්ම ධූරවලින් ඉවත් කළ සංවිධායකවරු, කොට්ඨාස සංවිධායකවරු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ට සහාය නොදී වෙනත් අපේක්ෂකයන්ට සහය දැක්වීම සහ තරුණ අපේක්ෂකයන්ට අවස්ථාවක් ලබාදීම මෙම තීරණයට හේතු වූ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)