19 April 2025


නව දිල්ලියේ වායු දූෂණය තවත් ඉහළට



ඉන්දියාවේ නව දිල්ලිය එරට වායු දූෂණය ඉහළම නගරය බවට පත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නව දිල්ලියේ වායු ගුණත්ව දර්ශකය 434ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල දත්තවලට අනුව නියම කර ඇති වායු ගුණ තත්ත්ව සීමාවට වඩා නව දිල්ලියේ වායු ගුණ තත්ත්වය 17 ගුණයකින් අයහපත් වී තිබෙනවා.

(colombotimes.lk)