colombotimes.lk
සිංහල | English

19 May 2024

බණ්ඩාරනායක මහතාගෙන් ඇරඹි පක්ෂයට 72ක් සපිරෙයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සර උත්සවය අද (03) පැවැත්වීමට නියමිතයි.

ඒ නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

අද පස්වරුවේ නිදහස් පක්ෂ සංවත්සර උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී පැවැත්වෙන බව සඳහන්.

'එක්වෙමු - වෙනසකට සැරසෙමු' යන්න මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තේමාව වී තිබෙනවා.

1951 වර්ෂයේ සැප්තැම්බර් 02 වන දින එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවනු ලැබුවා.
(Colombotimes.lk)