colombotimes.lk
සිංහල | English

19 May 2024

PHOTOS | අභිරහස් ලෙස මිය ගොස් සිටි හඳුන් දිවියෙකුගේ සිරුරක් හමුවෙයි



තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ සිරුරක් අද (08) හමු වූ බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂණ රංජිත් ජයසේන මහතා ප්‍රකාශ කළා.

ඒ, හැටන් පොලිස් වසමට අයත් වනරාජා තේ වත්තේ ඉහළ කොටසේ ලඳු කැළෑවක මිය ගොස් සිටියදීයි.

මියගිය හඳුන් දිවියාගේ සිරුර නල්ලතන්නිය වනජිවී කාර්යාලයේ නිලධාරීන්ට භාර දීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)