12 February 2026

logo

ටිම් සවුති ටෙස්ට් පිටියට සමුදීමට සැරසෙයි



නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටිම් සවුති එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.  

ඔහු සිය 17 වසරක ටෙස්ට් දිවිය තුළ මේ වන විට ටෙස්ට් තරග 104ක් ක්‍රීඩා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
එහිදී ටිම් සවුති පන්දු යවන්නෙක් ලෙස ලබාගෙන තිබෙන කඩුලු සංඛ්‍යාව 385ක්.

එමෙන්ම එම තරග තුළදී ඔහු ලකුණු 2185ක් රැස් කරගෙන තිබෙනවා.

(colombotimes.lk)