26 May 2026

logo

මහ මැතිවරණයේ ඡන්ද සලකුණු කිරීම අවසන් වෙයි



2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අද (14) උදෑසන 7.00ට ආරම්භ වුණා.

ඒ ඡන්ද මධ්‍යස්ථාන 13,314කදීයි.

ඡන්ද දායකයන්ට තම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පස්වරු 4.00 දක්වා කාලය ලබාදුන්නා.

මේ වන විට පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය සලකුණු කිරීමේ කාලය අවසන් වී තිබෙනවා.

ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙනයාමට නියමිතයි.    

(colombotimes.lk)