03 July 2025

logo

ක්‍රිකට් තරුවක් සිය ක්‍රීඩාවෙන් තාවකාලිකව සමුගනී



බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩැරන් බ්‍රාවෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් තාවකාලිකව ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කළ කොදෙව් සංචිතයට ඇතුළත් නොකිරීමත් සමඟ ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි.

කෙසේවෙතත් කණ්ඩායම සමඟ යළි එක්වීමේ බලාපොරොත්තු අත්හැර නොමැති බව ඩැරන් බ්‍රාවෝ ප්‍රකාශ කර තිබෙනවා.

34 හැවිරිදි ඩැරන් බ්‍රාවෝ 2022 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව කොදෙව් කණ්ඩායම නියෝජනය කර නොමැති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)