ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාක් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
එහිදී නෙදර්ලන්තය සතුව දැනට පවතින ශ්‍රී ලංකාවේ පෞරාණික භාණ්ඩ සහ පුස්කොළ පොත් නැවත මෙරටට ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙන බවයි වාර්තා වන්නේ.
දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා එය වැදගත් අවස්ථාවක් වන බව ද නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාක් එහිදි ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
එමෙන්ම යටත් විජිත ලෙස පැවති රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට යටත්විජිත කෞතුක භාණ්ඩ ඒවායේ මුල් රටවල් වෙත නැවත භාර දිය යුතුය යන ප්‍රතිපත්තිමය තීරණයට නෙදර්ලන්ත රජය එළැඹ තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)