03 February 2026

logo

ඉන්දුනීසියානු රෝහලක අධ්‍යක්ෂවරයෙක්ට දිවි අහිමි වෙයි



ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් ගාසාහී ඉන්දුනීසියානු රෝහලක අධ්‍යක්ෂවරයෙක් මියගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ රෝහල් අධ්‍යක්ෂවරයාගේ නිවස වෙත එල්ල වූ ප්‍රහාරවලින් ඔහු මියගොස් ඇති බවයි. 

එහිදි වෛද්‍යවරයාගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙක් ද මියගොස් තිබෙනවා. 

ගාසා හී වෛද්‍යවරුන් සඳහන් කළේ මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකින බවයි.
 
හමාස් සංවිධානයේ ප්‍රධාන ත්‍රස්තවාදියෙක් ඉලක්ක කරගනිමින් ප්‍රහාරය එල්ල කළ බව ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය සඳහන් කළා. 

(colombotimes.lk)