කල්පිටිය පොලිස් වසමේ සේතවාඩිය කළපු තීරයේ ලුණු ලේවාය ආසන්නයේ නරක් වූ පිරිමි පුද්ගලයෙක්ගේ මෘත ශරීරයක් ඇති බවට කල්පිටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එම මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.
ඔහුගේ මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව කල්පිටිය පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)