26 December 2024


IMF නියෝජිතයන් සහ මහ බැංකු නිලධාරීන් අතර සාකච්ඡාවක්



දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රථමයෙන් මහ බැංකු නිලධාරීන් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම නියෝජිතයන් අද (18) මහ බැංකු නියෝජිතයන් මුණ ගැසී සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අදාළ සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු නව රජයේ මැති ඇමතිවරුන් මුණ ගැසීමටද එම කණ්ඩායම සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම අදාළ සාකච්ඡාව අවසානයේ ඔවුන් මාධ්‍ය හමුවක් කැඳවමින් විස්ථීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචනයට අදාළ ප්‍රගතිය පිළිබඳව දැනුම්දීමට නියමිතයි.

(colombotimes.lk)