09 May 2025


සෑම නිවසකටම පවුලේ වෛද්‍යවරයෙක්



පවුලේ වෛද්‍යවරයා සංකල්පය මෙරටට හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි සඳහන් කළේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කර ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙහි අරමුණ බවයි.

මේ යටතේ ග්‍රාම නිලධාරී වසම් 3කට එක් වෛද්‍යවරයෙක් බැගින් අනියුක්ත කරන අතර ඒ සඳහා වෙනම මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා.
 
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පළමු අදියර ගාල්ල හා මාතලේ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරන බවයි.

ඒ සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)