කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලේස් ගැරිඩෝ සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් ඊයේ (26) පවත්වා තිබෙනවා.
ඒ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදීයි.
එහිදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සහ තරුණ කටයුතු සංවර්ධනය වෙනුවෙන් කියුබානු රජයේ සහය ලබාදෙන බව කියුබානු තානාපති සඳහන් කළ බවයි වාර්තා වන්නේ.
එමෙන්ම දෙරට අතර පවතින සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේ දී කටයුතු කරන බවද තානාපතිවරයා එහිදී කියා සිටියා.
(colombotimes.lk)