කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලුම කොටස් මිල දර්ශකය (ASPI) අද (27) ඒකක 135.07කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලුම කොටස් මිල දර්ශකයේ අගය ඒකක 15,535.60ක් ලෙස සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 9.8ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)