ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ හෙට (28) සිට 31වනදා දක්වා තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කළා.
ඒ පුරාවිද්‍යා ස්මාරකයක් වන ලෝක උරුම ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ සංරක්ෂණය කිරීමේ කටයුත්තක් හේතුවෙන්.
දකුණු පළාත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ වසන්ති අලහකෝන් සඳහන් කළේ හෙට සිට 31වනදා දක්වා ගාලු කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටු දොරකඩ ඔස්සේ සිදුකරන බවයි.
(colombotimes.lk)