28 December 2024


වන අලි ගම් වැදීම පාලනයට රජයෙන් නව පියවරක්



වන අලි ගම් වැදීම පාලනය කිරීම සදහා මුරපොළ යෙදීම අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ කර තිබෙනවා.

රජයේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්මේන්තුවේ සහය මත එම කොට්ඨාසය තුළ මුර කුටි 12ක් ඉදිකිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ එම ඉදිකිරීම් අවසන් වූ පසු දෛනිකව සිවිල් ආරක්ෂක සෙබලුන් මුර කුටිවලට යොදවා වන අලි ගම් වැදීම පාලනය කිරීමට නියමිත බවයි.

මෙම වැඩසටහන සාර්ථක වුවහොත් ඉදිරි වසර තුළ අනෙක් දිස්ත්‍රික්කවලද එය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)