16 November 2024


නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ගැන දැනුම්දීමක්



10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21වනදා පස්වරු 3.00ට ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු සභා වාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරිමටත්, පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් බලතල හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ජනාධිපතිවරයා සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් සහ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ලබනවා.


(colombotimes.lk)