පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය විසින් නිකුත් කළ නියෝගවලට අනුව මේ වන විට රුපියල් මිලියන 311ක මුදලක් වන්දි වශයෙන් හානිපූර්ණ කාර්යාලයට ලැබී තිබෙන බව නීතිපතිවරයා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ එම සිද්ධියට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසින් මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා.
මෙහිදී විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජෙනරල්වරියට දැනුම් දුන්නේ මෙම වන්දි මුදල් වින්දිතයන්ට ගෙවා තිබෙන ආකාරය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
ඉන් අනතුරුව අදාළ පෙත්සම් යළි පෙබරවාරි මස 27 වනදා කැඳවීමටද නියම වී තිබෙනවා.
(colombotimes.lk)