06 May 2025


චෙන්නායි සිට පැමිණි ගුවන්යානයක් හදිසි පරීක්ෂාවට



චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් සහ එහි මගීන් කටුනායක ගුවන් තොටුපොළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

ඒ පසුගියදා කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙක් එහි සිටින බවට ඉන්දියාවෙන් ලද තොරතුරකට අනුවයි.

කෙසේ වෙතත් අදාළ තොරතුරු ලැබෙන විට එහි පැමිණි මගීන්ගෙන් කොටසක් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්, ගුවන් හමුදාව සහ පොලීසියද එම සෝදිසි කිරීම සඳහා වී තිබෙනවා.

(colombotimes.lk)