එරාවුර් පොලිස් ස්ථානය තුළ දී වෙඩි වැදුණු පොලිස් කොස්තාපල්වරයකු ඊයේ (03) ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් සිය භාරයේ තිබූ රාජකාරි ගිනි අවිය නැවත බාරදීමට පැමිණි අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක වී වෙඩි වැදී ඇති බව මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
එම අවස්ථාවේදී ඔවුන් ඉදිරිපිට සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ පාදයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන් වනවා.
මෙම සිදිධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
(colombotimes.lk)