22 December 2024


ඇල්බේනියාවේ Tik Tok තහනම් කරයි



ඇල්බේනියානු රජය විසින් සමාජ මාධ්‍යක් වන Tik Tok යෙදුමට වසරක තහනමක් පනවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සමාජ මාධ්‍යවල ඇති වූ බහින්බස්වීම් හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේ වයස අවරුදු 14ක පිරිමි දරුවෙක් පාසලක සිදු කළ පිහි ඇනුම් සිද්ධියක් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් Tik Tok සමාගම වෙතින් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)