නත්තල් දිනය වෙනුවෙන් රැඳවියන් 389ක් නිදහස් කිරීමට තීරණය කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කරනවා.
ඉන් 4 දෙනෙක් කාන්තා රැඳවියන් බවයි ඔහු ප්‍රකාශ කළේ.
එමෙන්ම නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
colombotimes.lk