රුපියල් 3,000ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් විසින්.
රද්දොළුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ පොලිස් නිලධාරීවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පැමිණිලිකරුගේ රථවාහන වරදක් සම්බන්ධයෙන් රියදුරු බලපත්‍රය භාරයට ගෙන ඒ සඳහා නීති මඟින් කටයුතු නොකර රියදුරු බලපත්‍රය ආපසු ලබාදීම සඳහා රුපියල් 3,000ක අල්ලස් මුදලක් අදාළ පොලිස් නිලධාරියා විසින් ලබා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අල්ලස් ලෙස මුදල් ලබා ගැනීමේ චෝදනාව මත රද්දොළුගම පොලිස් ස්ථානයේ අදාළ පොලිස් කොස්තාපල්වරයා ඊයේ (14) රාත්‍රියේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)