අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බැකෝ සමන්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඇය සහ ඇගේ දරුවා ඊයේ (29) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුවයි.
මේ අතර ඇය සමඟ අත්අඩංගුවට පත්වූ කෙහෙලිබද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 06දෙනා හෙට (31) මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇති බව පොලීසිය සඳහන් කළා.
ඒ සඳහා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් අද (30) ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)