21 December 2024


ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන්ට කොමිසමෙන් රතු එළියක්



මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව මේ වනතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලීසියට ලබාදීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ පොලීසිය ඒ සම්බන්ධයෙන් නීතීමය පියවර ගන්නා බවයි.

මහමැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කළ අපෙක්ෂකයන්ගේ නම් ලැයිස්තු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යලවල ප්‍රදර්ශනය කර තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)