රජය විසින් ලබාදුන් පොහොර සහනාධාර මුදල් ඇතැම් ගොවීන්ට ලැබී නොමැති අතර එම මුදල් සොරාගෙන ඇති බවට මේ වන විට අනාවරණය වී තිබෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළා.
ඒ අද (18) පාර්ලිමේන්තුවේදී සුසන්ත කුමාර නවරත්න මන්ත්‍රීවරයා විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ගොවීන් 155දෙනෙක්ට ලබාදුන් පොහොර සහනාධාර මුදල් රුපියල් 2,934,310ක් සොරගෙන ඇති බවට අනාවරණය වූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් නිලධාරිනියක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඇතැම් ගොවීන්ගේ පොහොර සහනාධාර මුදල් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනය සිදුකරන බවත් අමාත්‍යවරයා කියා සිටියා.
(colombotimes.lk)