මෙරට වෙළඳපොළේ අලෙවි කරන රූපලාවන්‍ය ආලේපන වර්ග 49ක භාවිතයට නුසුදුසු මට්ටමින් බැරලෝහ අන්තර්ගත වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එහි තරගකාරීත්ව ප්‍රවර්ධන අධ්‍යක්ෂ සමන්තා කරුණාරත්න සඳහන් කළේ සම පැහැපත් වීම සඳහා යොදාගන්නා ආලේපන වර්ග ඉන් ප්‍රධාන බවයි.
අන්තර්ජාලය ඔස්සේ භාවිතයට නුසුදුසු ආලේපන අලෙවි කිරීම වැළැක්වීමට ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)