ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ ඇතුළත් කර විදුලිබල සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ එය අද (11) යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදි සාකච්ඡාවට ලක්කරන බවයි.
ඉන් පසුව පනත් කෙටුම්පත යළිත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ අනතුරුව එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ පෙත්සම් කිහිපයක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා එහි ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට තීන්දු කළා.
ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ පනත් කෙටුපතේ එම වගන්ති එලෙසම සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය හා ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.
(colombotimes.lk)