19 February 2026

logo

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්



තම නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩිව  ක්‍රියා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
 
එම කොමිසම සඳහන් කළේ තම කොමිසම ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සියලුදෙනා බැදී සිටින බවයි.

ඒ පිළිබඳව සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් දැනුවත් කිරීමටද මානව හිමිකම් කොමිසම පියවර ගෙන තිබෙනවා. 

එමෙන්ම මානව හිමිකම් කොමිෂන් සභා පනතේ නිර්දේශයේ සඳහන් කාලය තුළ එම නිර්දේශ බලාත්මක කිරීම පිණිස එම තැනැත්තන් විසින් ගන්නා හෝ ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද කොමිෂන් සභාව දැනුවත් කළ යුතුයි.

(colombotimes.lk)