මැදපෙරදිග කලාපයේ මේ වන විට උද්ගතවී ඇති යුද තත්ත්වය සමඟ ලංකාවට මුහුණදීමට සිදු වන අභියෝග සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබෙනවා.
පූර්ව සූදානමක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින්, බලපෑමට ලක්විය හැකි සියලු ක්ෂේත්‍ර, බලපෑමේ ප්‍රමාණයන් සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත්කර තිබෙනවා.
එම අනුකමිටුවට සහාය වීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම කමිටුවේ සාමාජිකයන් පහතින්,
* විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් (සභාපති)
* වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න
* වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ
* බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි
(colombotimes.lk)