18 July 2025

logo

දුම්රියක ගැටී වනඅලියෙක් ජීවිතක්ෂයට



කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වූ දුම්රියේ වනඅලියෙක් ගැටී තිබෙනවා. 

ඒ ගල්ලෑල්ල ප්‍රදේශයේදීයි.

එම අනතුරෙන් වනඅලියා මිය ගොස් තිබෙනවා.  
 
ප්‍රදේශවාසියෙක් සඳහන් කළේ මෙම වනඅලියා ප්‍රදේශයේ වී ගබඩාවලට පහරදී වී ආහාරයට ගන්නා බවත් අද අලුයම 3.00 සිට මෙම ගම්මානයේ වනඅලියා සැරිසරමින් සිටි බවයි. 

වනඅලියා ගමට පැමිණි මොහොතේ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම්දීමට ගම්වාසීන් පියවර ගෙන තිබුණ ද නිලධාරීන් දුරකථන විසන්ධි කර තිබූ බවද ගම්වාසීන් කියා සිටියා. 

(colombotimes.lk)