09 May 2025


අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සභාපති ධූරයට කාන්තාවක්



සිම්බාබ්වේ ක්‍රීඩා අමාත්‍ය කර්ස්ටි කොවෙන්ට්‍රි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුරට පත් වූ පළමු කාන්තාව ලෙස ඊයේ (20) වාර්තා අතරට එක්වී තිබෙනවා.
 
ඒ ග්‍රීසියේදී පැවැත්වෙන අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ 144වන සැසියේදීයි.

අපේක්ෂකයන් 7ක් ඉදිරිපත් වූ නිලවරණයේදී ඇය ඡන්ද 49ක් ලබා ගනිමින් මෙම තනතුරට තේරී පත්වී තිබෙනවා.

(colombotimes.lk)