26 November 2024


පස් බැම්මක් කඩා වැටීමෙන් කාන්තාවකට දිවි අහිමි වෙයි



පවතින අධික වර්ෂාපතනයත් සමඟ බණ්ඩාරවෙල ප්‍රදේශයේදී අද (26) පෙරවරුවේ පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එලෙස මිය ගොස් ඇත්තේ 61 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් බවයි.

අනතුරෙන් තුවාල ලැබූ ඇයගේ සැමියාද ප්‍රතිකාර සඳහා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එම පස් කන්ද කඩා වැටුණු ස්ථානයේ අවට පිහිටි නිවෙස්වල සිටි පුද්ගලයන් 08 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කළ බවයි.   

(colombotimes.lk)