19 April 2025


ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ 20කට දිවි අහිමි වෙයි



ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ මධ්‍යම බේරූට් ප්‍රදේශයේ පුද්ගලයන් 20 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නැගෙනහිර ලෙබනනයේ බාල්බෙක් දිස්ත්‍රික්කයට එල්ල කළ ප්‍රහාරයකින් ළමුන් 04 දෙනෙක් ඇතුළු තවත් 13 දෙනෙක් මිය ගොස් ඇති බවයි.

එමෙන්ම මධ්‍යම බේරූට් ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 66 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ එරට ගලවා ගැනීමේ කණ්ඩායම් ප්‍රහාරයට ලක්වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි.

(colombotimes.lk)