19 April 2025


පාකිස්ථානයේ ගැටුම් උත්සන්න වෙයි



පාකිස්ථානයේ වයඹ දිග ප්‍රදේශයේ හටගෙන ඇති නිකායික ප්‍රචණ්ඩත්ව ගැටුම් උත්සන්න වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් අන්තර්ජාල සේවා අත්හිටුවා ඇති අතර පාසල් ද වසා දමා තිබෙන බවයි.

අධිකරණ නියෝගයක් මත මුස්ලිම් දේවස්ථානයක නිරීක්ෂණයක් සිදු කිරීමට යාමේදී ප්‍රදේශවාසීන් සහ පොලීසිය අතර මෙම ප්‍රචණ්ඩකාරී ගැටුම් හටගෙන තිබෙනවා.

එම ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 80කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර තවත් 156 දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.   

(colombotimes.lk)