දිවයිනේ පවතින අධික වැසි සහිත කාලගුණයත් සමඟ දැදුරු ඔය නිම්නයේ පහත්බිම්වලට ඉදිරි පැය 24 තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්රදේශවලට මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)