26 November 2024


වෙළෙඳපොළේ සිදුවන අක්‍රමිකතා සොයා අදත් වැටලීම්



වෙළෙඳපොළේ සිදුවන අක්‍රමිකතා සොයා අද (26) සිට වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කළේ අත්‍යවශ්‍ය තොග සහ සිල්ලර භාණ්ඩ පිළිබඳව වැටලීම් සිදු කරන බවයි.

වෙළෙඳපොළේ යම් වංචාවක් සිදු වන්නේ නම් ඒ පිළිබඳ පාරිභෝගික කටයුතු අධිකාරියේ 1977 යන දුරකථන අංකයට මහජනතාවට දැනුම්දිය හැකි බවද ඔහු ප්‍රකාශ කළා.

(colombotimes.lk)