31 March 2025


මහ මැතිවරණයෙන් පසු කොමිසම යළි වැඩ අරඹයි



මහ මැතිවරණයෙන් පසු පළමුවරට මැතිවරණ කොමිෂන් සභාව බ්‍රහස්පතින්දා (28) රැස්වීමට නියමිතව තිබෙනවා.                    

එහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.                 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන වසරේ මුල් භාගයේදී පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් පසුගියදා මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව සඳහන් කළා.             
 
 
(colombotimes.lk)