ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේ දින 02ක විවාදයක් පවත්වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
අභිනව පාර්ලිමේන්තුවේ පළමු පක්ෂ නායක රැස්වීම ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී පක්ෂ නායකයන් එක්ව මෙම එකඟතාවයට එළඹී තිබෙනවා.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ දෙසැම්බර් 03 - 04 යන දින දෙකෙහි එම විවාදය පවත්වන බවයි.
එම විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීමක් සිදු කිරීමටද පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.
බිමල් රත්නායක සඳහන් කළේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව පක්ෂ අදහස් මෙන්ම විපක්ෂ අදහස් ඇත්නම් ඒ පිළිබඳව ජනතාවට දැනගැනීමට අවස්ථාව ලබාදීම එම දින දෙකේදී ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන බවයි.
(colombotimes.lk)