නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද ගබ්සා පෙති තොගයක් සමඟ ඔසුසැල් හිමියෙක් අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නුවරඑළිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්.
සැකකරු විසින් එම ගබ්සා පෙත්තක් රුපියල් 15,000කට අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කියා සිටියේ මෙම ගබ්සා පෙත්ත මෙරට තුළ අලෙවි කිරීම සපුරා තහනම් කර ඇති බවයි.
(colombotimes.lk)