මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී අද (11) අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ හැටන්, නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ටැඩන් වත්ත ප්‍රදේශයේදීයි.
එම අනතුරෙන් ත්‍රීරෝද රථ රියදුරා තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථය පසුපස අධික වේගයෙන් ධාවනය කළ බව කියන ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මෝටර් රථයේ පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.
අනතුර හේතුවෙන් මෝටර් රථයට මෙන්ම ත්‍රීරෝද රථයටද දැඩි අලාභහානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)